
ජාත්‍යන්තර නීති ආරක්ෂා කිරීමේ වැදගත්කම චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා අවධාරණය කරයි.
ඊයේ(23) ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 16 වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ රුස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.
ඇමරිකාව සහ ඉරානය අතර ගැටුම්කාරී තත්ත්වය දින 100කට වැඩි කාලයක් පැවතීම කලාපීය මෙන්ම ජාත්‍යන්තර තත්ත්වයට දැඩි බලපෑමක් කර ඇති බව ද ඔහු එහිදී ප්‍රකාශ කළේය.
Wang Yi මහතා මෙහිදී ප්‍රධාන කරුණු හතරක් ඉදිරිපත් කළේය. ඉන් පළමුවැන්න සියලු ජාත්‍යන්තර සහ කලාපීය ගැටලු විසඳීමේදී ජාත්‍යන්තර නීතිවලට අනුගත විය යුතු බවය.
දෙවැන්න ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම වැදගත් බවය.
සියලු රටවල් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් බැවින් ආරක්ෂාව පිළිබඳ නව දැක්මක් නිර්මාණය කිරීම අවශ්‍ය බව තෙවන කරුණ ලෙස ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම අවසන් වශයෙන් ඔහු තොරතුරු සහ සයිබර් යුදමය ප්රවණතා වැනි සාම්ප්‍රදායික නොවන යුද තත්ත්වයන් පිළිබඳ සඳහන් කරමින් එවැනි ආකාරයේ යුද්ධයේ නව ස්වරූප පිළිබඳ අවබෝධය ඉතා වැදගත් බව සඳහන් කළේය.