
හම්බන්තොට මිරිජ්ජවිල ප්රදේශයේ පිහිටි වෙළඳසැලක් තුළදි තියුණු
ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
අද (12) උදෑසන සිදුවු මේම ඝාතනය සමිබන්ධයෙන් හම්බන්තොට
වරාය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙන බව සඳහන්.
මෙලෙස ඝාතනයට ලක්වි ඇත්තේ වයස අවුරුදු 71 ක් වන මිරිජ්ජවිල
ප්රදේශයේ පදිංචි කාන්තාවකි.
ඇය වෙළඳසැල තුළ සිටියදී නාඳුනන පුද්ගලයෙකු හෝ පුද්ගලයන්
කිහිපදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බවට
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
කෙසේ වෙතත්, මෙම ඝාතනයට හේතුව හෝ අපරාධය සිදු කළ සැකකරුවන්
පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති බව පොලිසිය
පවසනවා
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිසිය වැඩිදුර විමර්ශන
සිදුකරනු ලබනවා.