
රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකකට අමෙරිකාවෙන් සම්බාධක පැනවීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 5%කින් ඉහළ ගිය බව රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ජාත්‍යන්තර බොරතෙල් වෙළෙඳපොළට දිනකට තෙල් බැරල් මිලියන 3.1ක් නිකුත් කරන මේ සමාගම් ද්විත්වයට සම්බාධක පැනවීමේ නිවේදනය නිකුත් වීමත් සමඟ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 65.98 දක්වා 5.4%කින් ද, ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල ඩොලර් 61.81 දක්වා 5.7%කින් ද ඉහළ ගිය බව රොයිටර් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.
රුසියාවේ විශාලතම තෙල් සමාගම් ද්විත්වය වන රොස්නෙෆ්ට් සහ ලුකොයිල් සමාගම් සතු අමෙරිකාවේ සියලු වත්කම් සම්බාධක හේතුවෙන් අත්හිටුවා ඇති අතර, සියලු අමෙරිකානුවන්ට අදාළ සමාගම් සමඟ ගනුදෙනු කිරීම හෝ ව්‍යාපාර කටයුතු සිදු කිරීම තහනම් කර ඇතැයි ද රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.