
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර රාවල්පින්ඩිහිදී අද (17) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ පළමු දිනය නිමාවන විට සිය පළමු ඉනිම ක්රීඩා කරන පාකිස්ථාන කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 121ක් රැස්කරගෙන සිටිනවා.
ඒ අනුව පාකිස්ථාන කණ්ඩායම ශ්රී ලංකා පළමු ඉනිමට වඩා මේ වන විට ලකුණු 23ක් ඉදිරියෙන් පසුවනවා.
පාකිස්ථාන පළමු ඉනිම වෙනුවෙන් අසාන් අවයිස් (Azan Awais) - නොදැවී ලකුණු 47ක් ලබා සිටින අතර තයියබ් අරිෆ් (Tayyab Arif) ලකුණු 46ක් රැස්කළා.
ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී ළහිරු කුමාර ලකුණු 27කට එක් කඩුල්ලක්, අසිත ප්රනාන්දු ලකුණු 36ට එක් කඩුල්ලක් සහ ප්රභාත් ජයසූරිය ලකුණු 36ට එක් කඩුල්ලක් වශයෙන් ලබා ගත්තා.
මීට පෙර කාසියේ වාසිය දිනූ පාකිස්ථාන කණ්ඩායමේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි.
එහිදී කුසල් මෙන්ඩිස් ලකුණු 32ක් සහ සොනාල් දිනූෂ ලකුණු 21ක් බැගින් රැස් කළා.