
ආසියාවේ නැගී එන ක්‍රීකට් කණ්ඩායම් ක්‍රීඩා කරන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා A කණ්ඩායම අද (21) හොංකොං කණ්ඩායම සමගින් තරග වදිනවා.
මෙම තරගාවලිය කටාර් රාජ්‍යය කේන්ද්‍ර කර ගනිමිනුයි පැවැත්වෙන්නේ.
ශ්‍රී ලංකාව මුහුණ දෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද උදෑසන 11.30ට ආරම්භ වීමට නියමිතයි.
පවන් රත්නායකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා A කණ්ඩායම පළමු තරගයේදී ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළා.