
යාපනය පේදුරුතුඩුව රෝහලට උල් පිහියක් රැගෙන පැමිණ ගිලන් රථ රියදුරෙකුට, ආරක්ෂක නිලධාරියෙකුට හා පොලිස් නිලධාරියෙකුට තර්ජනය කරමින් පහර දුන් පුද්ගලයෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (23) මේ පුද්ගලයාගේ මිතුරෙකු සිය දිවි හානි කර ගැනීමට තැත්කොට තිබෙනවා. ලණුවකින් ගෙළ සිරකර ගත් අවස්ථාවේදී ඒ අසල සිටි පිරිසක් ඔහුව ලණුවෙන් මුදා ගෙන පේදුරුතුඩුව රෝහාට ඇතුළත් කොට ඇත. ඊයේ රාත්රියේදී ඔහු බැලීමට තමන්ට වාට්ටුවට යාමට අවශ්‍ය බව කියමින් පැමිණි පුද්ගලයෙකු අධික ලෙස බීමත්ව සිටි නිසා ආරක්ෂක නිලධාරියා හා ගිලන් රථ රියදුරා ඔහුට රෝහලේ වාට්ටුවට යාමට ඉඩකඩ ලබා නොදීම නිසා ඔවුන් දෙදෙනාට බැන වැදී තර්ජනය කොට පහර දී තිබෙනවා. මේ පිළිබදව රෝහල් පොලීසියට දැණුම් දීමෙන් පසුව පොලිස් නිලධාරියෙකු පැමිණ ඔහු අත් අඩංගුවට ගැනිමට උත්සසහ කළ අවස්ථවේදී ඔහු පොලිස් නිලධාරියාටද පහර දී ඇත. පසුව ඔහු අත් අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලීසිය වෙත රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කොට තිබෙනවා.