
2035 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් රාජධානියට හිමිව තිබෙනවා.
මෙය 1966 වසරේ දී එංගලන්තය පිරිමි පාපන්දු ලෝක කුසලානයට සත්කාරකත්වය දැරීමෙන් පසු පාපන්දු ලෝක කුසලනයකට සත්කාරකත්වය දරන පළමු අවස්ථාව වනවා.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සාමාජිකයින්ගේ බහුතර අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එහි සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ විසින් එංගලන්තය තෝරාගැනීමේ තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
එක්සත් රාජධානිය, රට තුළ මෙතෙක් පැවති විශාලතම තනි-ක්‍රීඩා ඉසව්ව ලබාදීමට පොරොන්දු වූ අතර, ටිකට්පත් මිලියන 4.5ක් අලෙවි කිරීම සහ බිලියන 3.5ක ප්‍රක්ෂේපිත රූපවාහිනී ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සඳහා ඉලක්ක තබා තිබෙනවා.
මේ අතර, 2031 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඒකාබද්ධ සත්කාරකත්වය ඇමරිකා එක්සත් ජනපදය, මෙක්සිකෝව, කොස්ටරිකාව සහ ජැමෙයිකාව යන රටවල් වෙත හිමිව තිබෙනවා.