
ශ්රී ලංකන් ගුවන් සමාගමේ ඔන්ලයින් ඇප් එකට සමාන මෘදුකාංගයක් නිර්මාණය කර ගුවන් ටිකට්පත් සඳහා සියයට පනහක ප්රතිලාභයක් ලබා දෙන බවට ප්රචාරය කරමින් මහජනතාවගේ මුදල් වංචා කිරීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දැක්වුවා.
ශ්රී ලංකන් ගුවන් සමාගමේ නිල ලාංඡනයට සමාන පරිගණක තිරයක් භාවිතා කරමින් කෝටි ගණනින් මුදල් වංචා කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවද පැවසූවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්රී ලංකන් ගුවන් සමාගමේ ලාංඡනය අවභාවිතා කරමින් කූට ලෙස සැකසූ පරිගණක මෘදුකාංගයක් (ඇප් එකක් ) මගින් මෙම වංචාව සිදු කර ඇති බවය.
ගුවන් සමාගමේ මොණර ලාංඡනයට සමාන පරිගණක තිරය ඔස්සේ අදාළ මෘදුකාංගය ජනතාව අතර ප්රතිවලි කර එහි ලියා පදිංචි වීමට රුපියල් 250ක් වංචනිකින් විසින් ලබා ගෙන ඇති බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටියා.
අදාල ලියාපදිංචි වීමෙන් අනතුරුව මෘදුකාංගය හරහා පාරිභෝගිකයා තොරතුරු ඇතුළත් කළ පසුව පාරිභෝගික දත්ත සොරකම් කරමින් බැංකු ගිණුම් වලට ඇතුළත් වී මෙම වංචාව සිදු කර ඇති බවත් සඳහන් කළා.
තමන්ගේ බැංකු ගිණුම් අංක, ඇතුළු රහස් දත්ත වංචාකරුවන් විසින් ලබාගෙන ඇති බව අගතියට පත් පාරිභෝගියා නොදන්නා බවත්, පාරිභෝගිකය දන්නේ තම ජංගම දුරකථනය රත් වී බැටරි ආයු කාලයක් කෙමෙන් අඩුවෙන බව පමණක් බවද පැවසුවා.
වංචනික මෘදුකාංගය මෙහෙයවූයේ යැයි කියන පුද්ගලයින් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් සිදු කරන බවත්, අදාල වංචාව සිදු කිරීමට තමන්ගේ බැංකු ගිණුම් මුදලට විකුණු ශ්රී ලාංකික පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩිදුරටත් පැවසූවා.