
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නමැත්තාගේ ප්රධාන වෙඩික්කරු බව කියන අල්මේදා නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූනි මාසයේ දී ගාල්ල, වක්වැල්ල ප්රදේශයේ ගිං ගඟේ පාලම අසල තිබී නාඳුනන මළ සිරුරක් හමු වි තිබු අතර, අත් සහ පාද බැඳ කොන්ක්රිට් කණුවක ගැට ගසා තිබූ එම සිරුරේ මුහුණ දරුණු ලෙස විකෘති වි තිබුණා.
පසුව සිදුකරන ලද වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ එම මළ සිරුර ලොකු පැටීගේ ප්රධාන වෙඩික්කරුගේ බවටයි.
එම ඝාතනය සම්බන්ධයෙන් විවිධ කරුණු අනාවරණය වූ අතර, ඒ අනුවයි ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.