
වුනියාවේ පාසල් සිසුන් හා උපකාරක පන්ති වල සිසුන් ඉලක්ක කරගෙන මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත තරුණයින් පස් දෙනෙකු වවුනියාව පොලීසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම ඒකකයේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත වවුනියාව නගරයේ එක් ස්ථානයක් පරීක්ෂාවට ලක් කිරීමේදී ගබඩා කොට තිබූ මත්පෙති 1500 ක් සමග සැකකාර තරුණයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. සැකකාර තරුණයින් මෙම මත්පෙති පුත්තලමේ සිට වවුනියාව්ට පැමිණෙන ව්‍යාපාරිකයෙකුගෙන් එකක් රුපියල් 60 බැගින් මිලට ගෙන ඇති බවත් පාසල් සිසුන්ට ඔවුන් එක් පෙත්තක් රුපියල් 100 කට අලෙවි කරණ බවත් හෙලිවි තිබෙනවා. සැකකරුවන් පස් දෙනා හා මත්පෙති තොගය වවුනියාව පොලීසියේ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකය විසින් වවුනියාව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙන බව සඳහන්.