සීමාසහිත ගම්පොළ විවිධ සේවා සමූපකාර සමිති නිලවරණය සඳහා ඉදිරිපත් වූ එකාබද්ධ පොදු විපක්ෂයේ සාමාජිකයෝ එහි බලය තහවුරු කරගනු ලැබූහ.
මේ සඳහා ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය කිසිදු සාමාජිකයකු අධ්යක්ෂ මණ්ඩලය සඳහා තේරීපත් නොවූ අතර පොදු විපක්ෂයේ හත් දෙනකු ඒ සඳහා තේරී පත්වී ඇත.
මෙම ජයග්රහණය සඳහා එම පක්ෂවල නායකයන් නිසිමග පෙන්වීමක් සිදුකළ බව මේ සඳහා එක්වූ පිරිස ප්රකාශ කළහ.
ජයග්රහණයෙන් පසු පිරිස නගරයෙ රතිඤ්ඤා දල්වමින් සතුට ප්රකාශ කළ අතර මේ ආකාරයට ඉදිරියේදී ඒකාබද්ධ විපක්ෂය මගින් රටම ජයග්රහණය කරන බවද සඳහන් කළහ.