
මෙරට රන් මිල පසුගිය සතියට සාපේක්ෂව රු. 77,000 කින් පමණ පහළ ගොස් ඇති අතර, අද (23) දිනයේ දී පමණක් රන් මිල රුපියල් 10,000 කින් පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටි වීදිය රන් වෙළෙඳපොළ පවසනවා.
ඒ අනුව, අද (23) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ‘කැරට් 22’ රන් පවුමක මිල රු. 302,300 ක් දක්වා පහළ ගොස් ඇති අතර, පසුගිය සිකුරාදා දිනයේදී එය දැක්වුණේ රු. 379,200 ක් ලෙස බවයි සඳහන් වන්නේ.
සිකුරාදා දිනයේ දී රු. 410,000 ක් ලෙස පැවති ‘කැරට් 24’ රන් පවුමක මිල අද වන විට රු. 330,000 ක් දක්වා පහළ ගොස් ඇති බවද කොළඹ හෙට්ටි වීදිය රත්රන් වෙළෙඳපොළ වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.