
මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (5) රාත්රියේ සමත් විය.
ඒ එංගලන්තයට එරෙහි තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලබා ගනිමින්ය.
අද පැවැත්වෙන දෙවන අවසන් පූර්ව තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නිමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 7ක් දැවී ලකුණු 253ක් රැස්කිරීමට සමත් විය.