
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධාක්‍රිෂ්ණන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය එක්ස් සටහනක් තබමින් සඳහන් කළේ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුව ඇති බවය.
එහිදී දෙරට අතර මුල්බැසගෙන ඇති ඓතිහාසික සහ සංස්කෘතික වටිනාකම් පිළිබඳව ගැඹුරු ලෙස සාකච්ඡා කර ඇත.
දෙරට සහයෝගීතාව තවදුරටත් ශක්තිමක් කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබේ.
ඉන්දියානු නිවාස ව්‍යාපෘති සහ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සම්බන්ධයෙන් ද උප ජනාධිපතිවරයා සහ අනුර කුමාර දිසානායක මහතා අතර අදහස් හුවමාරු වූ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.