
හිරු නාලිකාවේ වින්සන් සිල්වා සමඟ ඇති කරගත් ගැටුමක් හේතුවෙන් ශානිල් මෙන්ඩිස් හිරු නාලිකාව භාණ්ඩාගාරික තනතුරෙන් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු එම නාලිකාවෙන් ඉවත් වන බවට ඉදිරිපත් කළ ලිපිය පහතින් දැක්වේ,
අසංග ජයසුරිය, සභාපති, විද්‍යුත් විකාශකයින්ගේ සංගමය.
භාණ්ඩාගාරික තනතුරෙන් ඉල්ලා අස්වීම සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධවයි.
අද දින සවස 6න් පසුව ඔබ සංගමයේ භාණ්ඩාගාරික තනතුරෙන් සහ සංගමයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වෙන බව දැනුම් දීමට කැමැත්තෙමි.
ගම්මඩුව පාර සම්බන්ධව පැන නැගුණ ප්‍රශ්නයකදී හිරු නාලිකාවේ වින්සන් සිල්වා මහතා පවසා සිටියේ භාණ්ඩාගාරික වන මාව හේතුවක් කරගෙන මෙම සංගමයෙන් ඉල්ලා අස්වෙන බවයි.
තවද ඔහු ලක්ෂ 05ක පමණ මුදලක ප්‍රශ්නයක් නිසා මට නඩු දාන බවද පැවසුවා.
එම පාර මාගේ පෞද්ගලික පාරක් නොවෙයි. මගේ ගිණුමටවත් මුදල් අවශ්‍ය වන්නේ නැත. මුදල් බැර කල යුතු වන්නේ සංගමයේ ගිණුමටයි.
දැනට එම පාර වෙනුවෙන් රු.මිලියන 02කට අධික ප්‍රමාණයක් වැය කර තිබෙනවා.
එම මුදල සභාපතිතුමාගේ මැදිහත්වීම මගින් මා හට ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා
මින් ඉදිරියට භාණ්ඩාගාරික වශයෙන් හිරු නාලිකාවේ වින්සන් සිල්වා මහතා පත් කරගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.
මෙම ලිපිය ඔබ වෙත ලැබුණ වහාම ඔබ සංගමයේ සියලුම වට්ස්අප් සමුහයන්ගෙන්ද මා ඉවත් වනවා.
නැවත කිසිම හේතුවක් මත ඔබ සංගමයට මාව සම්බන්ධ කර නොගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.
ස්තුතියි ශානිල් මෙන්ඩිස් හිටපු භාණ්ඩාගාරික විද්‍යුත් විකාශකයින්ගේ සංසදය