
එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ සිට එක්දින සහ විස්සයි-20 යන කණ්ඩායම් දෙකෙහිම නායකත්වය සඳහා කුසල් මෙන්ඩිස් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වන බව ද සන්ඩේ ටයිම්ස් (The Sunday Times) පුවත්පත වාර්තා කරනවා.
එම වාර්තාවට අනුව, කාර්යබහුල ජාත්‍යන්තර තරග කාලසටහනකට පෙර ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායම්වල ස්ථාවරත්වය සහ ඉදිරි ගමන තහවුරු කිරීමේ අරමුණින්, 31 හැවිරිදි මෙම කඩුලු රකින පිතිකරුවා එක්දින නායකත්වයේදී චරිත් අසලංක වෙනුවටත්, විස්සයි-20 නායකත්වයේදී දසුන් ශානක වෙනුවටත් පත් කිරීමට නියමිතය.
මේ අතර, ධනංජය ද සිල්වා තවදුරටත් ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇතැයි එම පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.