
උතුරු නැගෙනහිර ප්‍රදේශ තුළ වළදමා ඇති බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ජපන් රජය විසින් 2026 /27 වසර සදහා ඇමරිකානු ඩොලර් 1,343,202 ක මුදලක් ලබා දී තිබෙනවා. මෙම මුදල් වලින් අදාල කාලය තුළ වර්ග මීටර් ලක්ෂ හතරක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කිරීමට හැකිවනු ඇතැයි උතුරු නැගෙනහිර පළාත් වල බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වල නිරත ආයතන බලාපොරොත්තු පලකරනවා. 2002 වසරේ සිට මේ දක්වාම ජපන් රජය විසින් බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට මූල්‍ය දායකත්ව ලබා දී ඇති අතර මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 49 ක මුදලක් ජපානය විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇත. එම මුදල් වලින් ගත වූ කාලයේදී වර්ග කිලෝ මීටර් 121 ක පමණ භූමියක බිම්බෝම්බ 303000 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉවත් කොට තිබෙනවා. බිම්බෝම්බ ඉවත් කළ භූමියේ පෙර පදිංචි පුද්ගලයින් 180 000 ක් පමණ යලි පදිංචි කරවීමටද හැකියාව ලැබී තිබෙන බව සඳහන්. මේ නිසා වසර ගණනාවක්ම යුද්ධයෙන් පීඩාවට පත්ව සිටි පුද්ගලයින්ට යළිත් සිය කෘෂිකාර්මික කටයුතු වල නිරත වීමට අවකාශ ලැබී ඇති අතර ඒ තුළින් ඔවුන්ගේ එදිනෙදා ජීවනෝපාය මාර්ගයන් සකස් කර ගැනීමට හා ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවස්ථාව උදා වී තිබෙනවා.