
මස්කෙළිය ග්ලැන්ටිල් වත්ත ප්රදේශයේ පස් කන්දකට යට වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පතිවී තිබෙනවා. ඊයේ (30) සවස මිය ගිය පුද්ගලයා ගොඩනැගිල්ලක් අසල පස් ඉවත් කරමින් සිටියදි පස් කන්දක් කඩා වැටී එයට යට වී අනතුරට ලක් වුණා. පසුව අවට සිටි පිරිස් එක්වි මොහු ගොඩ ගෙන මස්කෙළිය රෝහලට ඇතුලත් කළ අතර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 41 ක් වූ ග්ලැන්ටිල්වත්ත ප්රදේශයේ පදිංචිකරුවෙකි. මොහු තම නිවස ආසන්නයේ තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා පස් ඉවත් කරමින් සිටියදී, මෙම අනතුරට ලක්ව ඇති දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව මස්කෙළිය පොලිසිය පවසනවා.