
කොළඹ වරාය නගරයේ කම්කරු නේවාසිකාගාරයක් අසලදී පුද්ගලයෙකු ඝාතනයට ලක්වී තිබෙනවා.
ඊයේ (09) රාත්රි කොළඹ වරාය පොලිස් වසමට අයත් කොළඹ වරාය නගරයේ කම්කරු නේවාසිකාගාරයක් අසලදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මියගිය පුද්ගලයාගේ අනන්යතාව මෙතෙක් තහවුරු කරගෙන නොමැත.
සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන මිද්දෙණිය ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන්නු ලබනවා.