
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික ඇතුලු එම පක්ෂයෙ 8 දෙනෙකුට ජූලි මස 31 දින නුවරඑලිය දිසා අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස නුවරඑලිය දිසා අධිකරණයේ මහේස්ත්රාත් ලංකාගනී ප්රබුද්ධිකා මෙනවිය විසින් (25)දින නොතිසි නිකුත් කරණු ලැබුවා. තලවකැලේ ලිදුල නගර සභවේ ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නාගරික මන්ත්රීවරයෙක් වශයෙන් කටයුතු කල ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් ධූරයෙන් ඉවත් කිරීමට ජූනි 17 දින නිකුත් කළ අති විශේෂ ගැසට් පත්රය මගින් ප්රකාශ කිරිම සම්බන්ධයෙන් තමාට අසාධාරයක් සිදු වී ඇති බව අසංක සම්පත් පීරිස් විසින් නුවරඑළිය දිසා අධිකරණයේ ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරිය එම නියෝගය නිකුත් කළා. අධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කරමින් ඔරුකද ලියනගේ අසංක සම්පත් පීරිස් කියා සිටියේ ජූනි 18 දින එම නගර සභාවට සභාපතිවරයෙක් සහ උප සභාපතිවරයෙක් තොරා පත් කර ගැනීමේදි ශ්රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනයකල තමන්ට සභාව තුළ කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ලිඛිතව හෝ වාවිකව කිසිදු උපදෙසක් ලබා නොදීම හමුවේ තමන් ස්වාධීනව කටයුතු කිරිම හමුවේ මෙවැනි විනය පරීක්ෂණයක් පවත්වා තමන්ව මෙසේ පක්ෂයෙන් නෙරපා හැරීම අසාධාරණ බවයි.