
කටාන, ගිරිඋල්ල සමෘද්ධි මාවත ප්රදේශයේදී පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සිදුකළ විශේෂ වැටලීමකදී හෙරොයින් කිලෝග්රෑම් 21යි ග්රෑම් 750ක ප්රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මත්ද්රව්ය සම්බන්ධයෙන් මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම වැටලීම සිදුකර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් මත, නියෝජ්ය පොලිස්පති අශෝක ධර්මසේන මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරේ.