
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින පීඩන අවපාතය අද (25) පෙ.ව. 8.30 වන විට උතුරු අක්ෂාංශ 15.3° සහ නැගෙනහිර දේශාංශ 91.2° ආසන්නයේ කේන්ද්රගතව පැවතුණි.
මෙම පද්ධතිය අද දින බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොනදිග ප්රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.
තවදුරටත් මෙම පද්ධතිය දකුණු දෙසට ගමන්කර ක්රමයෙන් හැරී, බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන උදෑසන වන විට බෙංගාල බොක්ක බටහිර-මධ්යම මුහුදු ප්රදේශය ආශ්රිතව ප්රබල සුළි කුණාටුවක් බවටත් තවදුරටත් තීව්ර වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.