
වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝ විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්රදානය කළ නොබෙල් සාම ත්‍යාගය සිය සන්තකයේ තබා ගැනීමට ජනපතිවරයා අදහස් කරන බව ධවල මන්දිරය තහවුරු කර තිබෙනවා.
පදක්කම භාරගත් ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, "මම කළ සේවය වෙනුවෙන් මරියා ඇගේ නොබෙල් සාම ත්‍යාගය මට පිරිනැමුවා. මෙය අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු සංකේතයක්" යනුවෙන්.
මචාඩෝ විසින් රන් පදක්කම ට්‍රම්ප් වෙත ලබා දුන්නද, නොබෙල් කමිටුවේ නීති අනුව එම ගෞරව නාමය සහ ත්‍යාගය තවදුරටත් හිමිවන්නේ ඇයටමයි.
නොබෙල් ත්‍යාගයක් වෙනත් අයෙකුට පැවරිය හෝ බෙදාගත නොහැකි බව නෝර්වේ නොබෙල් ආයතනය අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, අමෙරිකානු හමුදා මැදිහත්වීමෙන් නිකොලස් මදුරෝ බලයෙන් පහ කර අත්අඩංගුවට ගැනීමෙන් පසු, වෙනිසියුලාවේ නායකත්වය සඳහා මචාඩෝට සහාය දීමට ට්‍රම්ප් මෙතෙක් එකඟ වී නොමැත.
ඒ වෙනුවට ඔහු දැනට එහි වැඩබලන පාලනය සමග කටයුතු කරමින් සිටිනවා.