
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට අල්ලස් කොමිසම වෙත රැගෙන විත් තිබේ.
ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද පෙරවරුවේ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇයගෙන් පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කළේය.
සිරිලිය සවිය අරමුදලට අදාළ ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.