
CameraLK සමාගම විසින් සංවිධානය කරන ලංකාවේ විශාලම ජායාරූපකරණ උපාංග වෙළඳ ප්‍රදර්ශණය Sony Alpha Festival 2025 මෙවරත් කොළබ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදි පැවැත්වෙනවා.
ඔක්තොම්බර් 31 ,නොවැම්බර් 1 සහ 2 යන දිනයන් පුරාම උදෑසන 10 සිට රාත්‍රී 7 දක්වා මෙම ප්‍රදර්ශණය විවෘතව පවතින අතර මේ සඳහා ඇතුල්වීම සම්පූර්ණයෙන්ම නොමිලේ වේ. නවතම කැමරා උපකරණ, කැමරා උපකරණ සඳහා වට්ටම්, ඡායාරෑපකරණ වැඩමුළු සහ තවත් විශේෂාංග රැසකින් සමන්විතය.
Sony Alpha 2025 වෙළඳ ප්‍රදර්ශණය CameraLK සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක අනුශ්ක ගුණසිංහ සහ Sony සමාගමෙහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරී, කලාපීය අලෙවිකරණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති Bae Ji Hoon යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹින.
මෙහි පළමු දිනය වෙනුවෙන් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙන්ම දහස් ගණනක පිරිසක් සහභාගී විය.