
ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් දේශපාලන පක්ෂ හා සංවිධාන විසින් කොළඹ නගරය ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක මැයි දින පෙළපාලි හා රැස්වීම් සංවිධානය කර ඇති බව පොලීසිය පවසයි.
ඒ හේතුවෙන් එම මැයි දින සැමරුම් ආවරණය වන පරිදි විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත් රථ වාහන අංශය භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ සේනාධීර මහතා පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බස්නාහිර පළාත් රථ වාහන අංශය භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ සේනාධීර මහතා,
"මැයි දින රැස්වීම් සහ පෙළපාලි සඳහා සියලුම රථ වාහන හා මාර්ග ආරක්ෂක සැලැස්මවල් සකස් කරලා තියෙනවා. ඒ ආකාරයෙන් විශේෂ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලැකිල්ලට භාජනය කරලා යම් ආරක්ෂක සැලැස්මවල් සකස් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් බුද්ධි වාර්තා පදනම් කර ගනිමින් ඒ ආරක්ෂක තක්සේරුව මත ආරක්ෂක නිලධාරීන් රාජකාරියට යොදවනවා තියෙනවා. බුද්ධි රාජකාරි නිලධාරීන් අපි යොදවලා තියෙනවා.
මේ මැයි දින රැලි සහ රැස්වීම් පැවත්වීම සහ වෙනත් ක්‍රියාකාරකම් සඳහා රැස්වෙන අදාළ පක්ෂවල ජනතාවට අවශ්‍ය ආරක්ෂාව ලබාදෙනවා. විශාල වශයෙන් ජනතාව එකතුවෙලා පත්වන මැයි දින රැස්වීම් සහ පෙළපාලි සඳහා අදාළ පළාත්වල කොට්ඨාස භාර නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් අධික්ෂණය යටතේ සියලුම සැලැස්මවල් සකස් කරලා තියෙනවා."