
2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ දෙවන කාණ්ඩය යටතේ ශ්රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.
ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට පාකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 8 ක් දැවී ලකුණු 212 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී පාක්ස්ථාන කණ්ඩායම වෙනුවෙන් Sahibzada Farhan ලකුණු 100 ක් හා Fakhar Zaman ලකුණු 84 ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක හා දුෂ්මන්ත චමීර කඩුලු 2 බැඟින් දවා ගැනීමට සමත් වුණා.
ජයග්රහණය සඳහා ශ්රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 213 ක්