
කල්පිටිය පාලකුඩාව ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ගැබිණි කාන්තාවක් මියගොස් ඇති බව කල්පිටිය පොලිසිය පවසනවා.
ඊයේ (03) දහවල් කාලයේදී මෙම පහරදීම සිදුව ඇති අතර, බරපතළ තුවාල ලැබූ කාන්තාව කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය යගොස් ඇති බව සඳහන්.
මෙලෙස මියගොස් ඇත්තේ 26 හැවිරිදි කල්පිටිය, පාලකුඩාව ප්රදේශයේ පදිංචිකාරිනියක බව පොලිසිය පවසනවා.
පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මරණකාරිය සිය පුරුෂයාගෙන් වෙන්ව වෙනත් පුද්ගලයෙකු සමඟ ජීවත්ව සිට ඇති බවත්, එම සම්බන්ධතාවය හා පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් ඇය සමඟ ජීවත් වූ පුද්ගලයා විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් 36 හැවිරිදි සැකකරු කල්පිටිය පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, ඝාතනයට හේතුව සහ සිද්ධියට අදාළ අනෙකුත් කරුණු සම්බන්ධයෙන්ද විමර්ශන ක්රියාත්මකය.
.