
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සඳහා IMF කාර්ය මණ්ඩල නියෝජිතයින් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
මෙම IMF කණ්ඩායම සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා බලධාරීන් සමඟ අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කටයුතු කරනු ඇත.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙහෙයුම් ප්‍රධානී එවන් පපගේඕර්ජියු ප්‍රකාශ කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ඒකාබද්ධ හත්වැනි සමාලෝචනය සහ 2026 වසර සඳහා වන 4 වැනි වගන්ති උපදේශනය (Article IV Consultation) පිළිබඳ සාකච්ඡා පැවැත්වීම සඳහා IMF කාර්ය මණ්ඩල නියෝජිත කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන යටතේ අමරිකානු ඩොලර් බිලියන 2.9 මුදලක් ලබාදෙන අතර එය මාස 48 ක වැඩසටහනකි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මෙම විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහන 2027 වසරේ මාර්තු මාසයේදි අවසන්වීමට නියමිතයි.
ඒ අනුව තවත් වාරික දෙකක් ශ්‍රි ලංකාවට හිමිවිමට නියමිතයි.
සැප්තැම්බර් 10 සිට 23 දක්වා ශ්‍රී ලංකාවේ රැඳි සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කාර්ය මණ්ඩල නියෝජිතයින් පිරිස විස්තීර්ණ අරමුදල් පහසුකම වැඩසටහනේ හත්වැනි සමාලෝචනය සිදු කරනු ඇත.
මෙම සංචාරය අවසානයේදී IMF කණ්ඩායම හඳුනා ගන්නා කාරනා සහ මූලික නිගමන පිළිබඳව දැනුම් දෙන බව එවන් පපගේඕර්ජියු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.