
මෙක්සිකෝවේ මගී බස් රථයක් පෙරළී යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11දෙනෙකු මියගොස් තවත් 32දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථය තුළ පුද්ගලයින් 41දෙනෙකු සිට ඇත.
ඉන් 6 දෙනෙකු අනතුර සිදුවූ ස්ථානයේදීම මියගොස් ඇති අතර, තවත් පස් දෙනෙකු රෝහල් ගත කර ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබේ.
අදාළ මගීන් පිරිස රැගත් එම බස් රථය නයාරිට්හි පිහිටි උද්‍යානයක් වෙත ගමන් කරමින් සිට ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෙක්සිකෝවේ මහාමාර්ගවල සහ ලතින් ඇමරිකානු කලාපයේ මෙවැනි මාරක බස් අනතුරු නිරන්තරයෙන් සිදුවේ.
සැප්තැම්බර් මාසයේදී මධ්‍යම මෙක්සිකෝවේදී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් දෙමහල් මගී බස් රථයක ගැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 10දෙනෙකු මියගොස් 61 දෙනෙකු තුවාල ලැබූහ.
එමෙන්ම 2025 පෙබරවාරි මාසයේදී ද කන්කුන් සංචාරක නගරයේ සිට ටැබැස්කෝ බලා ධාවනය වූ බස් රථයක් ට්‍රේලර් රථයක ගැටී ගිනි ගැනීමෙන් පුද්ගලයින් 40කට වැඩි පිරිසක් මිය ගියේය.
මෙක්සිකෝවේ මගී දුම්රිය මාර්ග සීමිත බැවින් බස් රථ ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ලෙස භාවිත වේ.