
තෙවැනි චාල්ස් රජු බ්‍රිතාන්‍යය සහ අමෙරිකා එක්සත් ජනපදය අතර “විශේෂ සම්බන්ධතාවයේ” වැදගත්කම අගය කර තිබේ.
ඒ ඔහු නේටෝවේ වැදගත්කම, යුක්රේනයේ ආරක්ෂාව සහ දේශගුණික අර්බුදය පිළිබඳව කොංග්රස් මණ්ඩලය අමතමින් කළ කතාවක දී ය.
අමෙරිකානු නිදහසේ 250 වැනි සංවත්සරය සනිටුහන් කිරීම සඳහා තෙවැනි චාල්ස් රජු සහ බිරිය කැමිලා සිව්දින රාජ්‍ය සංචාරයක් සඳහා සඳුදා (27) අමෙරිකාවට පැමිණියේය.
“සැබවින්ම සාධාරණ හා කල් පවතින සාමයක්” සහතික කිරීම සඳහා යුක්රේනය සහ එහි වඩාත්ම ධෛර්ය සම්පන්න ජනතාව වෙනුවෙන් “නොනැමෙන අධිෂ්ඨානයක්”චාල්ස් රජු ඉල්ලා සිටියේය.
එසේම දේශගුණික අර්බුදය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.
ට්‍රම්ප් බ්‍රිතාන්‍යයට තවදුරටත් තීරුබදු පැනවීමට තර්ජනය කර ඇති අවස්ථාවක, දෙරට අතර වෙළෙඳාමේ වැදගත්කම ද ඔහු අවධාරණය කළේය.