
කළුතර දකුණ පොලිස් වසමේ අවන්හලක් ඉදිරිපිටදී වෙඩි තබා පුද්ගලයකු සහ කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 09 වැනිදා සිදු වූ මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් කළුතර දිසා අපරාධ කොට්ඨාසය විමර්ශන සිදුකරන අතර, එම විමර්ශනවලට අදාළව ලැබුණු තොරතුරක් මත ඊයේ (15) සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 24, 26 සහ 36 යන වයස්වල පසුවන්නන් වන අතර, ඔවුන් කළුතර දකුණ සහ අගලවත්ත ප්රදේශවල පදිංචිකරුවන් බව සඳන්.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන දෙකක්, අයිස් මත්ද්රව්ය ග්රෑම් එකක් සහ සොරකම් කරන ලද බවට සැක කෙරෙන ත්රිරෝද රථයක් පොලිස් භාරයට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.