
නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්යාපන ආයතනය විසින් නිකුත් කරන ලද ජාතික විෂය මාලා රාමුව පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් වහන්සේ සහ අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම සහ එම විෂය මාලා රාමුව පිළිගැන්වීම අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් ඊයේ (15) අස්ගිරි මහා විහාරයේදී සිදු කරන ලදී.
නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියට අදාළව සකස් කර ඇති ජාතික විෂය මාලා රාමුවේ අරමුණු සහ එහි අන්තර්ගතය පිළිබඳව මහා නායක හිමිපාණන් වහන්සේ සහ අනුනායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම වැඩපිළිවෙළේ අරමුණ වන්නේ නව අධ්යාපන ප්රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ඇති ජාතික විෂය මාලා රාමුව පිළිබඳව ආගමික නායකයන් දැනුවත් කිරීම සහ එහි අන්තර්ගතය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා දීමයි.
ජාතික අධ්යාපන ආයතනය විසින් සකස් කර නිකුත් කර ඇති මෙම විෂය මාලා රාමුව නව අධ්යාපන ප්රතිසංස්කරණ ක්රියාවලියේ වැදගත් අංගයක් වන අතර, ඒ පිළිබඳව අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේ සහ අනුනායක හිමිපාණන් වහන්සේ දැනුවත් කිරීම මෙම හමුවේ ප්රධාන අරමුණ විය.