
ව්‍යාජ ලිපි ලේඛණ සකස් කර රථවාහන ජාවාරමේ යෙදුන සැකකරුවෙකු සම්බන්ධයෙන්
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවා.
ඒ අනුව එම විමර්ශනයට අදාලව ඊයේ (04/01) මීගහවත්ත හා කඳාන පොලිස් වසම්වලදී
ලියාපදිංචි සහතික නොමැතිව වාහන සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් තිදෙනෙකු
කාර් රථ 03 ක්, ජීප් රථ 02 ක්, ලොරි රථයක් සහ යතුරුපැදියක් සමඟ අත්අඩංගුවට ගෙන
තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 21, 39 හා 44 වයස්වල පසුවන කඳාන හා මීගහවත්ත ප්‍රදේශවල
පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.