
සිකුරාදා දකුණු ඉරානයේදී F-15E ප්‍රහාරක යානයක් බිම වැටී ඇති අතර, ඒ හේතුවෙන් අතුරුදහන් වූ ඇමරිකානු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සෙවීමට ඇමරිකාව සහ ඉරානය දැඩි උත්සාහයක නිරත වෙමින් සිටිති.
F-15E යානයේ නියමුවා (Pilot) මුදාගෙන ඇති නමුත්, එහි සිටි ආයුධ පද්ධති නිලධාරියා (Weapon systems officer) තවමත් අතුරුදහන්ව සිටී.
මේ අතර, ගල්ෆ් කලාපයට ඉහළින්දී දෙවන ඇමරිකානු යුධ යානයක් ද වෙඩි තබා බිම හෙළූ බව ඉරානය ප්‍රකාශ කරයි.
ඇමරිකානු මාධ්‍ය පවසන්නේ, මුලින් බිම වැටුණු යානයේ කාර්ය මණ්ඩලය සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුමක නිරතව සිටියදී A-10 Warthog යානයකට මෙලෙස ප්‍රහාර එල්ල වී ඇති බවයි.
බීබීසී (BBC) පුවත් සේවයේ ඇමරිකානු සහකරු වන සීබීඑස් (CBS) වාර්තා කරන පරිදි, වෝර්තොග් (Warthog) යානයේ නියමුවා ගල්ෆ් මුහුදට ඉහළින්දී යානයෙන් ඉවත් වී (ejected) ඇති අතර පසුව ඔහුව මුදාගෙන ඇත.