
ඇල්පිටිය, කහදූව, වතුරවිල ප්‍රදේශයේ පිහිටි එවර්ග්‍රීන් සමූහ ව්‍යාපාරයට
අයත් වතුරවිල තේ කර්මාන්තශාලාවේ අද (19) ඇතිවූ විශාල ගින්නක්
හේතුවෙන් කර්මාන්තශාලාවට හානි වී ඇති බව වාර්තා වනවා.
ගින්න හටගත් හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න
මැඩපැවැත්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දරමින් සිටින බව සඳහන්.
ගින්නට හේතුව මෙතෙක් පැහැදිලි නොමැති අතර දේපළ හානි පිළිබඳවද
නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.