
2026 පන්දුවාර 20 ලෝක කුසලානයේ අද (01) පැවති කොදෙව් - ඉන්දියා තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා අවසන් පූර්ව වටයට ඇතුලත් වීමට ඉන්දියාව සමත් වුණා.
ඒ කොදෙව්වන් ලබා දුන් ලකුණු 196ක පිළිතුරු ඉලක්කය පන්දුවාර 19.2ක් අවසානයේ කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 199ක් රැස් කරගනිමින්.
ඒ අනුව කොදෙව්වන්ට කඩුළු 5ක පරාජයක් හිමි වුණා.
අද තරගයේ විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ සංජු සැම්සන් නොදැවී ලකුණු 97*ක්ද, තිලක් වර්මා ලකුණු 27ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන්, ජේසන් හෝල්ඩර්, ෂමාර් ජෝසප් කඩුළු 02 බැගින්ද අකේල් හොසේන් එක් කඩුල්ලක්ද දවාගත්තා.
පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 195ක් රැස් කළා.
ඒ නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 04ක් දැවී යාමෙන්.
රොස්ටන් චේස් ලකුණු 40ක්ද, රොව්මන් පවෙල් නොදැවී ලකුණු 34ක්ද රැස් කළා.
පන්දු යැවීමේදී ජස්ප්‍රිත් බුම්රා කඩුළු 2ක්ද, හාර්ඩික් පාණ්ඩ්‍යා සහ වරුන් චක්‍රවර්ති එක් කඩුල්ල බැගින් දවාගත්තා.