පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්රීඩා කරන බව පාකිස්තාන ක්රිකට් ආයතනය පවසයි.
තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්රී ලංකාවේ පැවැත්වෙන ICC විස්සයි20 ලෝක ක්රිකට් කුසලානයට පෙර සූදානමක් ලෙස කණ්ඩායම් තුනටම සූදානමක් ලබා දීම සඳහා මෙම තුන්කොන් තරගාවලිය සැලසුම් කර ඇත.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය නොවැම්බර් 17 වන දින රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණයේදී සත්කාරක පාකිස්තානය සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වේ.
දෙවන තරගය නොවැම්බර් 19 වන දින ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයද එම ක්රීඩාංගණයේදී පැවැත්වේ.
මෙම තුන්කොන් විස්සයි20 ක්රිකට් තරගාවලියෙන් ඉවත්වීමට ඇෆ්ගනිස්තානය ඊයේ (18) තීරණය කළේය.
ඇෆ්ගනිස්තානයේ උර්ගුන් ප්රදේශයට එල්ල වූ පාකිස්තාන ගුවන් ප්රහාරයකින් ඇෆ්ගනිස්තාන ක්රිකට් ක්රීඩකයින් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කරගනිමින් එරට ක්රිකට් ආයතනය තීරණය කරමින් මෙම තරගාවලියෙන් ඉවත්විය.
අදාළ ප්රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් ඇෆ්ගනිස්තාන පාකිස්තානයට චෝදනා එල්ල කරන අතර සිද්ධියෙන් විපතට පත්වූ පුද්ගලයින්ට ගරුකිරීමක් ලෙස අදාළ තරගාවලියෙන් ඉවත් වන බව ඇෆ්ගනිස්තානය ක්රිකට් ආයතනය නිවේදනය කර තිබුණි.
පකිස්තානය, ශ්රී ලංකාව, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි20 තරගාවලියේ කාලසටහන පහති,
නොවැම්බර් 17 – පාකිස්තානය සහ සිම්බාබ්වේ, රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණය, රාවල්පින්ඩි නොවැම්බර් 19 – ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ, රාවල්පින්ඩි ක්රිකට් ක්රීඩාංගණය, රාවල්පින්ඩි නොවැම්බර් 22 – පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර, ගඩාෆි ක්රීඩාංගණය, ලාහෝර් නොවැම්බර් 23 – පාකිස්තානය සහ සිම්බාබ්වේ අතර, ගඩාෆි ක්රීඩාංගණය, ලාහෝර් නොවැම්බර් 25 – ශ්රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය, ගඩාෆි ක්රීඩාංගණය, ලාහෝර් නොවැම්බර් 27 – පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර තරගය, ගඩාෆි ක්රීඩාංගණය, ලාහෝර් නොවැම්බර් 29 – අවසන් මහා තරගය, ගඩාෆි ක්රීඩාංගණය, ලාහෝර්