Hot News
කෘත්‍රීම බුද්ධිය සමඟ කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජයේ සැලසුමයි – ජනපති
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/05/1-474-jpg.webp)
කෘත්‍රීම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණය සමඟ මෙරට කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් සිදු කිරීමට රජය සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා කැමැත්තක් දක්වන පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින්ට අවශ්‍ය සහාය ලබා දීමට රජය කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සඳහා මෙම වසරේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් තෝරාගෙන ඇති අතර එහි පළමු අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු කරන බවත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගන්නා බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට අද (17) පෙරවරුවේ එක් වෙමිනි.
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 07කට වැඩි පළපුරුද්දක් ඇති AI Grow සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙඅංශයම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පවත්වාගෙන යනු ලබයි.
පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සකස් කරන ලද හරිතාගාර සැලසුම් කිරීම මෙන්ම ඒවා ඉදිකිරීම මෙම සමාගම විසින් සිදු කරනු ලබන අතර, එම හරිතාගාර සඳහා අඛණ්ඩ සේවා සහ නඩත්තු සේවා සහාය ද ලබා දෙයි.
එම සමාගම යටතේ කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ ඉදිකර ඇති මෙරට ප්‍රථම හරිතාගාරය කොටස් තුනකින් සමන්විත අතර තක්කාලි වර්ග, බෙල්පෙපර් හා සලාද කොළ වර්ග මෙම හරිතාගාරය තුළ වගා කරයි. බිම්මල් වගාව සඳහා වෙන් වූ වෙනම හරිතාගාරයක් ද ක්‍රියාත්මක කරයි.
දැනට AI Grow සමාගමේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන අතර ඔවුන්ගේ වෙළෙඳ නාමය යටතේ දේශීය සුපිරි වෙළෙඳසැල් වෙතද සිය නිෂ්පාදන සපයයි.
එමෙන්ම මෙම සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන හරිත කෘෂිකාර්මික ස්වයංක්‍රීය උපාංග දේශීය ගනුදෙනුකරුවන්ට මෙන්ම විදේශයන්ට ද අළෙවි කිරීම ද සිදු කරයි.
AI Grow සමාගම දේශීය විශ්වවිද්‍යාල අතර ඇතිකරගෙන ඇති සහයෝගීතාවය මගින් නවීන කෘෂිකර්මාන්තය සඳහා කෘත්‍රීම බුද්ධිය (AI) සම්බන්ධ කර ගැනීම සම්බන්ධ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනු ලබයි.
AI Grow සමාගමේ කෑගල්ල නෙළුම්දෙණිය හරිතාගාරය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නවීන තාක්ෂණය සමඟ කෘෂිකාර්මික මෙහෙයුම් හා නිෂ්පාදන කටයුතු සිදු කෙරෙන ආකාරය නිරීක්ෂණය කළේය.
ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා විසින් නිපදවා තිබෙන ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ සහ යතුරු පැදි නිරීක්ෂණය කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී එක් විය.
අනතුරුව එම පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකට එක් වූ ජනාධිපතිවරයා සැළසුමකට අනුව නවීන කෘෂිකර්මාන්තය රටට හඳුන්වා දිමට කටයුතු කරන බවත්, ඊට අවශ්‍ය මූල්‍ය සහාය සහ පුහුණුව ලබා දීමට රජය සූදානම් බවත් පැවසීය.
මේ වෙනුවෙන් බැංකු ණය ක්‍රමවේදයක් යෝජනා කරන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණය කෘෂිකර්මාන්තයට යොදා ගැනීම අනාගත හරිතවාදී ආර්ථිකයක පෙර නිමිති පෙන්නුම් කරන්නක් බව කිවයුතුයි. මෙවැනි පෞද්ගලික ව්‍යවසායකයින්ගේ දායකත්වය ඇතිව කෘත්‍රීම බුද්ධි තාක්ෂණය යොදාගෙන රට තුළ පුළුල් කෘෂි නවීකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අද රජය කටයුතු කරමින් සිටිනවා.
ඒ අනුව මෙම වසරේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 100ක් නවීන කෘෂිකර්මාන්තය සඳහා යොදා ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙහි පළමු අදියර යටතේ ප්‍රාදේශය ලේකම් කොට්ඨාස 25කට අවශ්‍ය පහසුකම් සැපයීමටත්, දෙවන අදියර යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 75ක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා.
මෙම වැඩපිළිවෙළ සමඟ එක්වීමට පෞද්ගලික ව්‍යවසායකයන්ටද අවස්ථාව තිබෙනවා. ඊට අවශ්‍ය පුහුණුව සහ මූල්‍ය පහසුකම් රජයෙන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
අද ලෝකයේ අක්කරයකින් 155 දෙනෙකු වෙනුවෙන් ආහාර නිෂ්පාදනය කරනවා. 2050 වන විට අක්කරයකින් ආහාර ලබා දිය හැකි ප්‍රමාණය 255 දක්වා වැඩි කරගත යුතුයි. ඒ සඳහා රටවල් සූදානම් විය යුතු අතර ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමට නවීන තාක්ෂණය භාවිතා කළයුතුයි. ඒ සඳහා සීමිත බිම් ප්‍රමාණයක වැඩි අස්වන්නක් නෙලා ගැනීමට අවශ්‍ය තාක්ෂණය අප භාවිතා කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නවීන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට කටයුතු කිරීම අවශ්‍යයි. අද මේ ආරම්භ කර ඇති වැඩපිළිවෙළ දීප ව්‍යාප්තව සිදුකිරීමෙන් රට තුළ හරිත ආර්ථිකයක් ගොඩනැඟිය හැකි බව මම විශ්වාස කරනවා.
රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් රංජන් ජයසිංහ, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, වේගා මෝටර් රථයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුබසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-13.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-02.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-12.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-10.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-063.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-222.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-23.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-05.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-24.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-19.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-20.jpg)
![PMD News](https://pmd.gov.lk/wp-content/uploads/2024/05/AiGrow-Visit-269.jpg)
Hot News
දමිතාගේ ලේ සාම්පල ගන්න දින දෙයි
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-676-jpg.webp)
ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලබා සිටින දමිතා අබේරත්නට රුධිර සාම්පලයක් ලබා දීම සඳහා එළඹෙන 29 වැනිදා රස පරීක්ෂක හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අද (26) නියෝග කළාය.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී දමිතා අබේරත්න, සචිනි කෞශල්‍යා සහ මොරින් නූර් යන විත්තිකාරිනියන්ට රස පරීක්ෂක හමුවේ පෙනී සිටි රුධිර සාම්පලයක් ලබා දෙන ලෙස පූර්වගාමි විනිසුරුවරයා ලබාදුන් නියෝගය දමිතා අබේරත්න ඉටුකර නොමැති බවත් ඒ හේතුවෙන් රුධිර සාම්පලයක් ලබාදීම සඳහා ඇයට නියෝගයක් නිකුත් කර ලෙස ඉල්ලා සිටින බවත් කොළඹ උතුර අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළේය.
Hot News
බිරිඳ මිය ගියා යැයි බොරුවට පවසා මිනී පෙටිටියක් නිවසට ගෙන ගිය සැමියා
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-673-jpg.webp)
තම බිරිය මිය ගොස් ඇති බවට බලන්ගොඩ නගරය ආසන්නයේ පදිංචි පුද්ගලයෙකු විසින් බලන්ගොඩ නගරයේ ඇති මල් ශාලාවකට ගොස් බොරුවට පවසා රැපියල් 40,000 ක් වටිනා මිිනි පෙටිටියකට මුදල් ගෙවා මල් වඩමක් ,ඇඳුමි සහ අනිකුත් අවමංගල භාණ්ඩද වෙන්කරවාගෙන මල් ශාලාවෙි වැන් රථයකින් නිවසට මිිනි පෙටිටිය ඇතුළු භාණ්ඩ රැගෙන ගොස් තිබෙනවා.
එහිදී 119 හදිසි ජාතික දුරකතන පද්ධතියට ලද පැමිණිල්ලක් මත බලන්ගොඩ පොලීසියේ නිලධාරි විසින් එම නිවසට ගොස් මිිනි පෙටිටිය නැවත මල්ශාලවට භාර දිමට කටයුතු කර ඇති බවයි වාර්තා වුණේ.
බිරිඳ රෝගාතුරව සිටි බවත් මරණය සමිබන්ධයෙන් සැකයක් නොමැති බවට මරණ පරික්ෂක ඇතුළු නිළධාරින්ද පැවැසු බවයි මොහු විසින් මල්ශාලාවට පවසා තිබෙන්නේ.
එය විශ්වාශ කළ මල් ශාලාවෙිි සේවකයන් විසින් මිනි පෙටිටිය ඇතුළු උපකරණ මොහු සමග මොහුගේ නිවසට රැගෙන ගොස් මිනි පෙටිටිය නිවස ඇතුලට ගෙන තිබෙනවා.
නිවසට මිනිපෙටිටියක් රැගෙන ඒමට හේතුව කුමක්දැයි දරුවන් මොහුගෙන් විමසා තිබෙන අතර, එහිදී මොහු පවසා තිබෙන්නේ මව මිය ගිය නිසා පෙටිටියක් ගෙන ආ බවයි.
මව මියගොස් නැති බවත් මව මුළුතැන්ගෙයි සිටින බව දරු වන් පැවසිමත් සමඟ මල්ශාලාවෙි සේවකයින් මිනි පෙටිටිය ආපසු රැගෙන යැමට උත්සාහ කර ඇති අතර ඒ අවස්ථාවලදී මොහු විසින් එම සේවකයින්ට තර්ජන කර තිබෙනවා.
එහිදී මිනි පෙටිටිය නිවස තුල දමා මල්ශාලාවෙි නිළධාරින් පිටව ගොස් ඇති අතර වැඩිමහල් දරුවා විසින් මෙි සමිබන්දයෙන් 119 හදිසි දුරකතන අංකයට දැනුම් දිමක් කර තිබෙනවා.
ඊට අමතරව මල් ශාලාවෙිි හිමිකරුද මෙිි සමිබන්ධ යෙන් බලන්ගොඩ පොලීසිය වෙත දැනුම් දිමක් කිරිමට ගොස් තිබෙන අතර ඒ වන විටත් 119 හදිසි දුරකතන අංකට දරුවා විසින් පැමිණිල්ලක් කර තිබූ බවයි වාර්තා වී තිබුණේ.
පසුව බලන්ගොඩ පොලීසියේ නිලධාරින් දෙදෙනකු එම නිවසට ගොස් මිනි පෙටිටිය මල් ශාලාවෙි සේවකයින් වෙත ආපසු රැගෙන යැමට භාර දි තිබෙනවා.
සැමියා විසින් මිනි පෙටිටිය වෙනුවෙන් මල් ශාලාවට ගෙවු රැපියල් 40000 ක මුදල නැවත රැගෙන යැම සදහා මල් ශාලාවට පැමිණෙන ලෙස බිරිඳට සහ සැමියාට දැනුම් දි තිබෙනවා.
මෙවැනි දෙයක් කිරිමට මොහු මෙලෙස කටයුතු කිරිම සමිබන්ධ යෙන් මොහු කිසිවක් ප්‍රකාශ නොකරන බවයි පොලීසිය ප්‍රකාශ කළා.
Hot News
ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පනී
![](https://www.newscenter.lk/wp-content/uploads/2024/07/1-669-jpg.webp)
බත්තරමුලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පස්වැනි මහලේ පිහිටි ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ කාර්යාලයට පිරිසක් කඩා පැනීම හේතුවෙන් කළහකාරී තත්වයක් අද (26) පස්වරුවේ ඇති වූ බව වාර්තා වනවා.
දිනකට නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර සංඛ්‍යාව සීමා කිරීමට ගෙන ඇති තීරණයක් සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ අද පෙරවරුවේ සිට නොසන්සුන් තත්වයක් පැවැති බවත් පොලිසිය මැදිහත්ව එම තත්වය පාලනය කළ බවයි වාර්තා වන්නේ.
පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතාගේ කාර්යාලයට කඩාවැඳුණු පිරිස පොලිසිය මැදිහත්ව විසුරුවා හැර තිබෙනවා.
-
Hot News6 days ago
රාජ්‍ය සේවකයින්ගේ වැටුප යළිත් වැඩි කිරිමේ යෝජනාවක් ?
-
Hot News6 days ago
Watch : මුළු රටම ආදරය කරන ජනප්‍රිය ගායකයෙකු ගමන් ගත් මෝටර් රථය අනතුරක
-
Hot News4 days ago
පොලී රහිත ණය ලබාදීමේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ
-
Hot News4 days ago
මහනුවර කතරගම දේවාලයේ මහ කපු මහතා ගේ ගෙදර ගිනිගනී
-
Hot News5 days ago
Watch : වසන්ත එළොව යැවීමට සහය දුන් 21 හැවිරිදි හෂිනි සංජුලා සියල්ල පාපොච්චාරණය කරයි
-
Hot News6 days ago
Watch : ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික්ගේ තත්ත්වය ගැන රටම නොදන්න ඇත්තම කතාව මෙන්න
-
Hot News5 days ago
Watch : බරපතල වැඩ සහිතව වසර 3ක සිර දඬුවම් නියම වූ හිරුණිකාට ඇප
-
Hot News4 days ago
හිටපු ඇමති විජිත් විජිතමුණි හදිසියේම රෝහල්ගත කරයි