දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුළුණ ලෙස සැලකෙන කොළඹ නෙළුම් කුළුණ පරිශ්‍රයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සංවිධානය කෙරුණු මහා පිරිත් සජ්ඣායනා පුණ්‍ය ක්‍රියාව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව , නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගම එක්ව වෙසක් උත්සවයට සමගාමීව රටට, ජාතියට සෙත් ප්‍රාර්ථනා කරමින් මෙම මහ පිරිත් දේශනය සජීවීව ජාතික රූපවාහිණිය ඔස්සේ විකාශය කෙරිණි.

කොල්ලුපිටිය වාළුකාරාම මහා විහාරය ඇතුළු පංච මහා විහාරාධිපති, මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහානිකායේ ශ්‍රී කල්‍යාණි ධර්ම මහා සංඝ සභාවේ රත්මලාන විහාර පාර්ශවයේ උපාධ්‍යාය, කොළඹ දිශාවේ සහ ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය විසින් පරිත්‍රාණ ධර්ම දේශනාව සිදු කරන ලදී.

ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ මහතා,නෙළුම් කුළුණ කළමනාකරණ පෞද්ගලික සමාගමේ සභාපති යෝගා පෙරේරා මහතා, කොළඹ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ඇතුළු ආරාධිතයින් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here