
අලුත් අවුරුදු උදාව සැමරු ඊයේ (14) දිනයේ සිදු කළ අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදි බීමත් රියදුරන් 100 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ බීමත් රියදුරන් 104 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මිට අමතරව අපරික්ෂාකාරී ලෙස රිය පැදවු 27 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා. එමෙන්ම රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු 1451 ක් ලබාගෙන තිබෙනවා. මේ අතර ඊයේ (14) අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේදි පුද්ගලයින් 22195 දෙනෙක් පරික්ෂාවට ලක් කොට ඇති අතර එහිදි සැකපිට 296 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 7 දෙනෙක් විවිධ අපරාධවලට සම්බන්ධ බවට හදුනා ගෙන තිබෙනවා.