
මන්නාරමට උතුරු දෙසින් වු මෙ රට මුහුදු සිමාවට අනවස්රයෙන් ඇතුළුවි අනවසරයෙන් ධීවර කර්මාන්තයේ නිරතවු ඉන්දීය ධීවරයින් පිරිසක් ශ්‍රි ලංකා නාවික හමුදාවෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මන්නාරමට උතුරු දෙසින් වු මෙ රට මුහුදු සිමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කරන ඉන්දීය ධීවර යාත්‍රා කිහිපයක් නාවික හමුදාව විසින් නිරීක්ෂණය කර තිබෙනවා. පසුව එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කිරීමේ විශේෂ මෙහෙයුමක්, නාවික හමුදාව ක්‍රියාත්මක කළ අතර එහිදී තවදුරටත් අනවසර මෙ රට මුහුදු සීමවේ රැඳි සිටිමින් මසුන් ඇල්ලු ඉන්දීය ධීවර යාත්‍රාවකට ශ්‍රී ලංකා නාවික හමුදාව නීත්‍යානුකූලව ගොඩවී පරීක්ෂා කරනු ලැබුවා. පසුව දේශසීමා නීති උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස ධීවර කර්මාන්තයේ යෙදුනු එම ඉන්දීය ධීවර යාත්‍රාව සමඟ ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදා භාරයට ගත් මෙම ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට තිබෙනවා.