
පෞද්ගලික බස් රථ ධාවනය අනිද්දා (17) වන විට සමාන්‍ය තත්ත්වයට පත්වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. අද (15) දිනයේ දිවයින පුරා කෙටි ගමන් සේවා බස් රථ ඇතුළු පෞද්ගලික බස් රථ 4000 ත් 5000 ත් අතර සංඛ්‍යාවක් ධාවනයට යොදා ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න අද පැවති මාධ්‍ය හමුවකදි සඳහන් කළා. හෙට (16) දිනයෙදි බස් රථ 7000 ක් ධාවනයට එක්කිරීමට කටයුතු කරන බව ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළා. එමෙන්ම අනිද්දා (17) වනදා සියලුම පෞද්ගලික බස් රථ සමාන්‍ය පරිදි ධාවනයට යොදවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරන්න වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙවර අලුත් අවුරුද්දට ගම්බිම් බලා යෑමේදි ජනතාව විශාල වශයෙන් පෞද්ගලික වහාන වැඩිවශයෙන් යොදා ගත් බැව්න් නැවත රාජකාරී සඳහා පැමිණෙන ජනතාව වෙනුවෙන් අතිරේඛ් බස් රථ යෙදවීමේ අවශ්‍යතාවයක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.