
පාකිස්ථානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ යුද නෞකාවන් සුහද සංචාරයක් සඳහා අප්‍රේල් මස 12 වැනි දින දිවයිනට පැමිණි අතර, සුහද සංචාරය අවසන් කරමින් එම නෞකාවන් පෙරෙදා දිවයිනෙන් පිටත්ව ගියා. ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’නෞකාවන් වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කරනු ලැබුවා. මෙම සුහද සංචාරයේදි ‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නියාමත් සයීඩ් ඛාන් (NIAMAT SAEED KHAN), ‘PNS ASLAT’ නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් නදිර් මාටීන් අෆ්රිඩි (NADIR MATEEN AFRIDI) සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ජගත් කුමාර අතර නිල හමුවන් බටහිර විධාන මූලස්ථානයේදී පැවැත්වුණා. තවද, ‘PNS TAIMUR’ සහ ‘PNS ASLAT’ නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයක (Bilateral Naval Exercise LION STAR V) නිරත වූ අතර, කළාපීය නාවික හමුදා සමඟ හුවමාරු කරගනු ලබන නව දැනුම, කුසලතා සහ අත්දැකීම් තුලින් වර්ධනය වන සහයෝගීත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය, මඟින් ඉන්දීය සාගර කළාපයයේ නව ප්රවණතා සහ අභියෝග සඳහා සාර්ථකව සාමූහිකව ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට මහඟු පිටිවහලක් ගෙනදෙනු ඇත.