
1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් ලබා ගැනීමට ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් ලබා ගැනීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් යටතේ 2016 වර්ෂයේදී ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන් රථ සේවාව 2018 වර්ෂයේදී දිවයින පුරා ව්‍යාප්ත කරනු ලැබීය.
ඒ අනුව, සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැය 24 පුරා නොමිලේ ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින් දිනකට රෝගී ප්‍රවාහන අවස්ථා 1,000ත් 1,200ත් අතර ප්‍රමාණයක් හැසිරවීම සිදු කරයි.
මෙම ගිලන් රථ වාර්ෂිකව කිලෝමීටර් මිලියන 9ක පමණ දුරක් ධාවනයේ යෙදෙන බැවින්, දැනට සේවයේ පවතින ගිලන් රථ 322හි කාර්මික දෝෂ ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, සම්පූර්ණ වෛද්‍ය පහසුකම්වලින් සමන්විත නව ගිලන් රථ 100ක් ලබා ගැනීම සඳහා මූල්‍ය ප්‍රදානයක් ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර ඇත.
එම මූල්‍ය ප්රදානය ලබා ගැනීම සඳහා ඉන්දීය රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.