ජනවාරි 01 වැනිදා සිට සැප්තැම්බර් 03 වැනිදා දක්වා වාහන ආනයනයට අදාළව ණයවර ලිපි 30,594 ක් විවෘත කර ඇති බව මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, එම ණයවර ලිපිවල වටිනාකම රුපියල් බිලියන 1491 ක් වන බවයි මුදල් අමාත්‍යාංශයේ සහ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම කාරක සභාව හමුවේ සඳහන් කර ඇත්තේ.
මේ දක්වා වාහන 220,026 ක් මෙරටට ආනයනය කර ඇති අතර, ඒ අතුරින් වාහන 154,537 ක් රේගු දෙපාර්තමේන්තුව විසින් නිදහස් කර ඇති බවද එම නිලධාරීන් කාරක සභාව හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
යතුරුපැදි 98,923 ක්, කාර් රථ 40,323 ක්, ත්‍රිරෝද රථ 9,025 ක් සහ වානිජ වාහන 5,368 ක් ආනයනය කර ඇති බවත්, මේ හරහා රුපියල් බිලියන 429 ක බදු ආදායමක් රැස් කරගෙන ඇති බවයි එම නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.