නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමකට ඇතුළු වූ නාඳුනන පිරිසක් එම ඉඩම අනවසරයෙන් එළි පෙහෙලි කර විකිණීමට තැත් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂ විතාන කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය මගින් අපරාධ කොට්ඨාශයට කරන ලද පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව අද (10) එම නියෝගය නිකුත් කරනු ලැබුවා.
නේපාල තානාපති කාර්යාලයට අයත් ඉඩමක් වෙත ඇතුළු වූ නාඳුනන පිරිසක් විසින්, එම ඉඩම අනවසරයෙන් එළි පෙහෙළි කර විකිණීමට සුදානම් වන බව සඳහන් කරමින් කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇතැයි දෙමටගොඩ, අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය වෙත දන්වා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරයා අපරාධ කොට්ඨාශයට නියෝග කොට තිබෙනවා.