ශ්‍රී ලංකා නාවික හමුදාව සහ යාපනය විශේෂ කාර්ය බලකාය එක්ව, පසුගිය දෙසතිය තුල දේශීය ජල තීරය ආචරණය වන පරිදි සිදුකල මෙහෙයුම්වලදි නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල පුද්ගලයන් විසි අට දෙනෙකු (28) අත් අඩංගුවට ගෙන තිබෙනවා. තහනම් ධීවර දැල් හා පුපුරණ ද්‍රව්‍ය ආදිය භාවිතයෙන් සහ නීති විරෝධි පන්නක්‍රම භාවිතයෙන් ධීවර කටයුතු සිදුකල මෙම පුද්ගලයින් සමග ඩිංගි යාත්‍රා අටක් ද (08) නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලය ඉරක්කන්ඩි, නල්ලූර්, පරවීදූපක, ෆ්ලෑග් ස්ටාස් පොයින්ට්, නයාරු, වෙරුගල් මොහොත්තුවාරම්, සුදෙයි කුඩා, වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි නැගෙනහිර නාවික විධානය විසින් සහ යාපනය පේදුරු තුඩුව වෙරළ හා මුහුදු ප්‍රදේශ ආවරණය වන පරිදි උතුරු නාවික විධානය, යාපනය පොලිස් විශේෂ කාර්යය බලකායේ සහය ඇතිව සිදු කළ මෙම මෙහෙයුම් සිදු කරනු ලැබුවා. මෙම මෙහෙයුම් මඟින් අත්අඩංගුවට ගත් සැකකරුවන්, තහනම් ධීවර ආම්පන්න, ධීවර යාත්‍රා ඉදිරි නිතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය, ඊවිචලම්පත්තුව, කුච්චවේලි, කොඩබේ. යාපනය පේදුරු තුඩුව, මුලතිව්, ධීවර කාර්යාල වෙත අවත භාර දීමට කටයුතු ශකරිණි.