ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් අද (ඔක්තෝබර් 23) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.
මෙම හමුවේදී මෙරට පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඔවුන්ගේ සූදානම පිළිබඳවත් පිටියේදී සහ ඉන් පිටත ක්‍රීඩිකාවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවත් සාකච්ඡා සිදු කෙරිණ.
එහිදී, තරගාවලියේ ජයග්‍රහණය සඳහා අග්‍රාමාත්‍යතුමිය විසින් ක්‍රීඩිකාවන් වෙත සුබපැතුම් ද එක්කරන ලදී.