
හොරණ රාජ්ය බැංකුවක ATM යන්ත්ර සඳහා රැගෙන ගිය රුපියල් කෝටි 3.5ක මුදලක් කිසිවෙකු විසින් කොල්ලකා ඇති බව පොලිසිය පවසනවා.
අද (3) ප.ව. 2.55ට පමණ බැංකු සේවකයෙකු, බැංකුවේ පිටුපස දොරින් මුදල් මලු දෙකක් රැගෙන යන අවස්ථාවේ පුද්ගලයෙකු පැමිණ මෙම මුදල් මලු දෙක බලහත්කාරයෙන් කොල්ලකා පලා ගොස් ඇති බව වාර්තා වේ.
මුදල් පැහැරගත් පුද්ගලයා පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, හොරණ පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.